සයිබර් ආරක්ෂාව සඳහා රාජ්‍ය සේවකයන් පුහුණු කෙරේ
2024-04-15 16:35:34
Share with:

සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන සඳහා ප්‍රධාන ඩිජිටල් නිලධාරි නමින් තනතුරක් හඳුන්වා දීමට පියවර ගන්නා බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේ, සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංවිධාන කළ සය මාසික පුහුණුව අවසානයේ පැවැති සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැනි ආයතනවල සහයෝගය ද ලබාගැනෙනු ඇත. ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට රජය පසුගිය වසරේ පියවර ගත් බව ද ඇමතිවරයා කියාසිටියේය. වසර 2030 දක්වා එය ක්‍රියාත්මක වේ.

රාජ්‍ය ආයතන 37 ක නිලධාරීන් 60 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 40 දෙනෙකුට මෙහිදී සහතිකපත් ප්‍රදානය කෙරිණ.  සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් සඳහා මෙවැනි සය මාසික පුහුණුවක් ලබාදුන් පළමු අවස්ථාව මෙය යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම