නුවරඑළිය මීපිලිමාන අලුත් අවුරුදු උත්සවයට ජනපති එක්වෙයි
2024-04-15 16:37:50
Share with:

නුවරඑළිය මීපිලිමාන “අපි යූත්”තරුණ සමාජය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වෙයි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද එය ඊයේ (14) දවස පුරා මීපිලිමානේ දී පැවැත්විණ.

අවුරුදු උත්සවයට පැමිණි ප්‍රදේශයේ ජනතාව සමග සුහද පිළිසඳරක නිරතවූ ජනාධිපතිවරයා ඔවුන් ඉදිරිපත් කළ ගැටළුවලට විසඳුම් ලබාදෙන බව ද එහිදී පැවසීය.

පැරණි සිරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික ක්‍රීඩා මෙන්ම සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ප්‍රාදේශීය දේශපාලනඥයෝ පිරිසක් ද ඊට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම