ඉරාන- ඊශ්‍රායල ගැටුම උග්‍රවීම වළක්වා ගැනීමට සංයමයෙන් ක්‍රියා කරන්නැයි චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි
2024-04-15 20:13:25
Share with:

සංවර ව කටයුතු කරන ලෙස ඉරාන- ඊශ්‍රායල ගැටුමට අදාළ පාර්ශ්වයන්ගෙන් චීනය ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා, අද (15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව කියාසිටියේ එම ගැටුම පිළිබඳව අදහස් දක්වමිනි. ඊශ්‍රායලය නොනවත්වා ඉරානයට පහර දීමෙන් යුද්ධය තවත් උග්‍ර වුවහොත් චීනය ඊට සම්බන්ධ වීමේ ඉඩකඩක් පවතී දැයි එහිදී ප්‍රශ්නයක් නැගිණ. ඉරාන- ඊශ්‍රායල ගැටුම තවත් උත්සන්න වීම වැළැක්වීම සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් චීනය ඉල්ලා සිටින බව Lin Jian මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම