ඉදිවෙමින් පවතින න්‍යෂ්ටික බල ඒකක සංඛ්‍යාව සහ ස්ථාපිත ධාරිතාව අනුව චීනය ලෝකයේ පළමු ස්ථානයට
2024-04-15 15:20:19
Share with:

 චීනයේ ඉදි කෙරෙමින් පවතින න්‍යෂ්ටික බලශක්ති උත්පාදන යන්ත්‍ර ඒකක සංඛ්‍යාව හා සමස්ත න්‍යෂ්ටික විදුලි නිෂ්පාදන ධාරිතාව  අඛණ්ඩව ලොව පළමු ස්ථානයේ පසු වේ.

මේ වන විට චීනයේ න්‍යෂ්ටික බලශක්ති උත්පාදන යන්ත්‍ර ඒකක 26ක් ඉදි කෙරෙමින් පවතින අතර සමස්ත න්‍යෂ්ටික විදුලි නිෂ්පාදන ධාරිතාව කිලෝවොට් මිලියන 30.3ක් වන බව අද(15) නිකුත් කෙරුණු ‘චීන න්‍යෂ්ටික බලශක්ති සංවර්ධන වාර්තාව--2024’ නිල් පත්‍රිකාවේ දැක්වේ. 

වසර 2023 චීනයේ සමස්ත න්‍යෂ්ටික විදුලි බල නිෂ්පාදන ප්‍රමාණය කිලෝවොට් පැය බිලියන 433.4කි. ප්‍රමිතිගත ගල් අඟුරු පරිභෝජනය ටොන් කෝටි 13ක් ඉන් භාවිතයෙන් ඉවත් කර තිබිණ.

මේ අතර චීනයේ න්‍යෂ්ටික විදුලි බල ක්‍රියාකාරීත්වය පිළිබඳ ආරක්ෂිත තත්ත්වය ද ජාත්‍යන්තර මට්ටමින් ප්‍රමුඛ පෙළේ පවතී. වසර 2023 චීනයේ න්‍යෂ්ටික විදුලි බල උත්පාදන යන්ත්‍ර ඒකක 33ක් ලෝක න්‍යෂ්ටික බල ව්‍යාපාරික සංගමයේ සංයුක්ත දර්ශකයට අනුව පූර්ණ ලකුණු ලබා ඇත. එම පූර්ණ ලකුණු ලැබූ ඒකක, සමස්ත අනුපාතනයට අනුව චීනය, ඇමරිකාව හා රුසියාව යන රටවල් අභිබවා ගොස් ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම