ජර්මානු සහ චීන සමාගම් අතර සහයෝගීතාවය ආකර්ෂණීය බව ජර්මානු චාන්සලර්වරයා පවසයි
2024-04-15 10:55:02
Share with:

හයිඩ්‍රජන් තාක්ෂණ ක්ෂේත්‍රයේ ජර්මානු සහ චීන සමාගම් අතර සහයෝගීතාවයන් වඩාත් ආකර්ෂණීය බව ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා ඊයේ(14) පැවසීය. ජර්මනිය සහ චීනය අතර මිත්‍රශීලී හුවමාරුව තවදුරටත් ගැඹුරු කිරීමට සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවය නව මට්ටමකට ප්‍රවර්ධනය කිරීමට ජර්මනිය කැමැත්තෙන් සිටින බව හෙතෙම සඳහන් කළේ ය.

ඊයේ (14) නිල සංචාරයක් සඳහා චීනයේ Chongqing නගරය වෙත පැමිණි Scholz මහතා චීන-ජර්මානු හවුල් ව්‍යාපාර සහ චීන-ජර්මානු ජල අධීක්ෂණ ව්‍යාපෘති නැරඹීමට එක් වූ අතර අදාළ සමාගම් හා ආයතනවල නියෝජිතයන් සමඟ අදහස් හුවමාරු පැවැත්වීය. ජර්මානු ව්‍යාපාරවලට ලැබුණු ඉහළ මට්ටමේ සහයෝගය පිළිබඳව තමා සතුටු වන බව හෙතෙම පැවසීය.

එමෙන්ම මෙවර චීනයට පැමිණි දූත පිරිස සමඟ ජර්මනියේ ආර්ථික නියෝජිත පිරිසක් ද පැමිණ ඇත. Siemens, Bayer, Mercedes-Benz, BMW, Zeiss වැනි ප්‍රකට සමාගම්වල ප්‍රධානීන් ඊට එක්ව තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම