ඊශ්‍රායල-ඉරාන ගැටළුව පිළිබඳව ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් පවත්වයි
2024-04-15 10:07:48
Share with:

ඉරානය ඊශ්‍රායලයට එරෙහිව සිදු කළ යුද ක්‍රියාමාර්ග පිළිබඳව ඊශ්‍රායලයේ ඉල්ලීම මත එක්සත් ජාතීන්‍ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් ඊයේ (14)  පැවැත්වීය.

අප්‍රේල් පළමු වැනිදා සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් බොහෝ හානි සිදු වූ බව එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත කණ්ඩායමේ භාරකාර ඩයි බිං මහතා එම රැස්වීමේදී පැවසීය. එම සිද්ධිය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ජාත්‍යන්තර නීතිය, සිරියාවේ මෙන්ම ඉරානයේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කරන බව ද ඔහු කීය.

සිරියාවේ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රයට එල්ල කළ ඊශ්‍රා‍යල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් අදාළ හමුදා ක්‍රියාමාර්ග ගත් බවට ඉරානය සිදු කළ ප්‍රකාශය චීනයේ අවධානයට ලක්ව තිබේ. අදාළ ගැටලු මේ වන විට විසඳා අවසන්ව ඇති බව සැලකිය හැකිය.

 හැකිතාක් දුරට සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙසත්, තවදුරටත් ආතතීන් උත්සන්න වීම වළක්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව මතභේද සහ ආරවුල් විසඳා ගන්නා ලෙසත් චීනය එහිදී අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම