අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම ඉහළට
2024-04-15 16:36:36
Share with:

අලුත් අවුරුදු සමය තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 191 ට ආසන්න වූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා පවසයි.

අප්‍රේල් 13 වැනිදා පමණක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති රථවාහන ගණන එක්ලක්ෂ විසි අට දහසකි. ඉන් රුපියල් මිලියන 44 ක ආදායමක් ලැබී ඇතැයි ද අදාළ බලධාරීහු පවසති.

මේ අතර, අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දී තිබේ. එහි සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ මගී අවශ්‍යතාව පරිදි එම බස් රථ යෙදවීමට පියවර ගත් බවයි.

දුම්රියෙන් පැමිණෙන මගී ජනතාවට ද ඔවුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටී.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම