මැදපෙරදිග තත්ත්වය උත්සන්න වීම වළක්වා ගැනීමට සංයමයෙන් කටයුතු කරන ලෙස රටවල් රැසකින් ඉල්ලීම්
2024-04-15 12:22:28
Share with:

මැද පෙරදිග කලාපයේ නොසන්සුන්තාව උත්සන්න වීම වැළැක්වීම සඳහා සංයමයෙන් ක්‍රියා කරන ලෙස රටවල් රැසක් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

පසුගිය 14 වනදා අලුයම ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරගත් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාම් විප්ලවීය හමුදාව ප්‍රකාශ කර ඇත. ඉන් පසුව, ඊශ්‍රායල ජාතිකාරක්ෂක හමුදාව ප්‍රකාශ කළේ අදාළ ඩ්‍රෝන යානා සහ මිසයිල කිහිපයක් ඊශ්‍රායලයේ ගුවන් හමුදා ප්‍රහාරක ගුවන් යානා මගින් බිම හෙළා ඇති බවයි.

මේ සම්බන්ධයෙන්, රුසියානු විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සංයමයෙන් ක්‍රියා කරන ලෙස ඊට සම්බන්ධ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය. 

14 වනදා ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ දුරකථන සංවාදයක නිරත වූ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු ඊශ්‍රායලයේ ඕනෑම උග්‍ර පියවරක් මැද පෙරදිග ප්‍රදේශයේ ගැටුම් ව්‍යාප්ත කිරීමට හේතු වනු ඇති බවට අනතුරු අඟවා ඇත.

තුර්කි විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සිරියාවේ ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

ඊශ්‍රායල හමුදා ඉලක්ක වෙත ඉරානය එල්ල කරන ප්‍රහාර ආත්මාරක්ෂාව සඳහා නීත්‍යානුකූල අයිතියක් භාවිතා කිරීමක් බව සිරියාව හා ඉරාකය ප්‍රකාශ කළේය.

මීට අමතරව, බ්‍රසීලය, මෙක්සිකෝව, වෙනිසියුලාව සහ කොලොම්බියාව වැනි ලතින් ඇමරිකානු රටවල් ද උපරිම සංයමකින් ක්‍රියා කරන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. තත්ත්වය උග්‍ර වීම වැළැක්වීම සඳහා උත්සාහ දැරිය යුතු බව අදාළ රටවල් ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබේ.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම