සැලසුම් සහගතව චීනය නව සංවර්ධනයක් කරා
2024-04-15 14:11:53
Share with:

දුෂ්කරම අවධියක සිට සිය අපමණ කැපකිරීම් හි ප්‍රතිඵලයක් ලෙස චීනය වර්තමානයේ ලෝකයට අත්‍යවශ්‍ය සංවර්ධන සාධකයක් බවට පත්ව ඇතැයි ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ විදුහල්පති ධනංජය නානායක්කාර මහතා පැවසීය.

ක්‍රමාණුකූලව සිය දේශයේ ශක්‍යතාවන් හඳුනාගනිමින් ගම සංවර්ධනය කොට රට නැංවීමේ චීන ප්‍රයත්නය සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන සිටී. චීනයේ සිය සාරවත් ප්‍රගමනයන් ජාතික පෝෂණයට පමණක් නොව ගෝලීය වර්ධනයට ද හේතුවක් වී ඇති බව පැහැදිලිය.

උපාය මාර්ගික සැලැස්මක් ඔස්සේ චීන වෙළඳපොලේ විවෘතභාවය සහ ආ‍යෝජන අවස්ථා මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු බොහොමයක් රටවලට ප්‍රයෝජන ගෙන දී ඇත. චීනයටම අනන්‍ය වූ ආර්ථික ව්‍යූහයක් තුළ ගෙන යන වැඩපිළිවෙල මගින් ඉහළ ආර්ථික වර්ධනයක් කෙරෙහි චීනයේ පුරෝකථනයන් සාක්ෂාත් කර ගෙන ඇති බව ද ධනංජය නානායක්කාර මහතා පැවසීය. චීනයේ ඉහළම බල ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරයට ඉදිරිපත් කෙරුණු රාජ්‍ය කාර්ය වාර්තාවෙන් අනාගත සැලසුම් සහ වැඩපිළිවෙළ මෙවරත් මනාව එළි දක්වා තිබේ. දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කරන චීනය විවෘතභාවය හා ප්‍රතිසංස්කරණ පුළුල් කරමින්, ආයෝජන පරිසරය උසස් ලෙස සංවර්ධනය කිරීමේ සිය අභිප්‍රාය ද පෙන්වා දී ඇත.

මෑතක දී පැවැත් වූ බොආඕ ආසියා සංසදය ඔස්සේ ද ආසියා කලාපයේ ආර්ථික, සමාජීය සහ දේශපාලන සංවර්ධනය කෙරෙහි චීනයේ අවධානය යොමු විය.

චීනය ලබා ගන්නා ආර්ථික දියුණුව සියලු රටවල සංවර්ධනයට ද මනා සාධනීය බලපෑමක් සිදු කිරීම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින කලාපීය රටවලට මේ දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ කොළ එළියක් බව ද ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ විදුහල්පති ධනංජය නානායක්කාර මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම