උත්සව සමයේ බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක්
2024-04-14 16:44:43
Share with:

මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියැදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

එසේම අනාරක්ෂිත හා නොසැලකිලිමත් බස් රථ ධාවනයෙන් යම් අයෙක් පීඩාවට පත්වන්නේ නම් දැනුම් දෙන ලෙසද සදහන් කෙරේ.

මෙම ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන පැමිණිලි සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට නිලධාරීන් යොදවා ඇති බවද ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම