සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා සංස්කෘතික වැඩසටහන් රැසක්
2024-04-14 18:40:24
Share with:

සිංහල හා දෙමළ ජනතාව අලුත් අවුරුදු උදාව ඉතා උද්‍යෝගයෙන් සමරති.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් අලුත් අවුරුදු උදාව ඊයේ (13) අපරභාග 09.05ට සිදු විය.

ආහාර පිසීමේ නැකැත ඊයේ (13)රාත්‍රී 11.06ට යෙදී තිබූ අතර වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය ඊයේ මධ්‍යම රාත්‍රී 12.06ට යෙදී තිබිණ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකැත හෙට (15) දිනයට යෙදී ඇති අතර එය හෙට පූර්ව භාග 10.17ට යෙදී තිබේ.

ශ්වේත්‍ර වර්ණ හෙවත් සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත්ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව නැකැත් පත්‍රයේ සඳහන් වේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා අවුරුදු උත්සව ඇතුළු සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩාවලට මුල්තැන දෙමින් පැරණි සිරිත් විරිත්වලට අනුකූලව මෙම අලුත් අවුරුදු උත්සව පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම