චීන ආනයන හා අපනයන වෙළඳාම අඛණ්ඩව සක්‍රීය මට්ටමක
2024-04-14 16:04:16
Share with:

2023 වසරේ චීන ආනයන හා අපනයන වටිනාකම ඇමරිකා ඩොලර් ට්‍රිලියන 5.94කි. 2023 වසරේ චීන භාණ්ඩ වෙළඳාමේ ජාත්‍යන්තර වෙළඳපොළ කොටස පිළිබඳ හඳුන්වා දෙමින් චීන වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා මේ බව පැවසීය. ඉන් අපනයනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.38 ක් වූ අතර එය ජාත්‍යන්තර වෙළෙඳපොළ කොටසෙන් 14.2% කි. එය 2022 වසරේ අදාළ සංඛ්‍යාවට සමාන වූ අතර අඛණ්ඩව වසර 15 ක් ලෝකයේ පළමු ස්ථානය ගෙන ඇත. ආනයනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.56 ක් වූ අතර එය ජාත්‍යන්තර වෙළඳපොළ කොටසෙන් 10.6% කි. 2022 වසරේ අදාළ සංඛ්‍යාවට වඩා එය සුළු වශයෙන් වර්ධනය වී ඇති අතර අඛණ්ඩව වසර 15 ක් ලෝකයේ දෙවන ස්ථානයේ පවතී

චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය වෙළඳාම යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ධනාත්මක දායකත්වයක් ලබා දීමට උත්සාහ කරන බව ද එම ප්‍රධානියා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම