සන්නද්ධ හමුදා සීරුවෙන් තබා ඇතැයි ඉරාන හමුදාව පවසයි
2024-04-14 16:25:03
Share with:

ඉරානයේ යුද මෙහෙයුම අවසන් වී ඇතත් සන්නද්ධ හමුදා සීරුවෙන් සිටින බව ඉරාන හමුදාව පවසයි.

ඉරාන සන්නද්ධ හමුදා මණ්ඩලික ප්‍රධානී Mohammad Hossein Bagheri මේ බව පැවසූ බව ඉරාන ජාතික රූපවාහිනිය අද(14) වාර්තා කළේය.

මෙතෙක් ඉරානය ඊශ්‍රායල යුද කලාපයට පමණක් ප්‍රහාර එල්ල කර ඇති අතර නේවාසික හා වාණිජ ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කර නොමැත. ඊශ්‍රායලය නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් ඉරානයේ මීළඟ යුද මෙහෙයුම් පරිමාණය වඩාත් විශාල වනු ඇතැයි ඔහු පැවසීය.

එවැනි ප්‍රතිප්‍රහාරයකට ඇමරිකාව ඊශ්‍රායලයට සහාය ලබාදුනහොත්  ඇමරිකාවේ හමුදා කඳවුරු තවදුරටත් ආරක්ෂිත නොවන අතර ඉරානය ඊට එ‍රෙහි පියවර ගනු ඇති බව ද Bagheri පවසා ඇත.

සිරියාවේ ඉරාන තානාපති කාර්යාලය වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙම යුද මෙහෙයුම සිදු කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිත පිරිස ඊයේ(13) සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශ කර ඇත.

"The Time of Israel" පුවත්පතේ වාර්තාවකට අනුව, ඊශ්‍රායල ජාතිකාරක්ෂක හමුදා ප්‍රකාශක Daniel Hagari අද(14) පැවසුවේ, ඊයේ (13) රාත්‍රි සිට අද(14) දක්වා ඉරානය ඊශ්‍රායලය දෙසට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන අතරින් 99% ක්ම ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් බාධා කරනු ලැබූ බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම