චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
2024-04-14 15:55:35
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය මණ්ඩල සභාපති Kim Jong-un මහතා හමු වෙයි.

එම හමුව ඊයේ(13) උතුරු‍ කොරියාවේ පියොංයැං අගනුවරදී සිදුවිය.

නිල සංචාරයක් සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ හා දේශපාලන නියෝජිත පිරිසක් උතුරු කොරියාවට ගොස් සිටිති

"චීන-උතුරු කොරියා මිත්‍ර වසරේ" සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා උතුරු කොරියාවට පැමිණි චීන නි‍යෝජිත පිරිසට, ‍උතුරු කොරියා කම්කරු පක්ෂයේ සහ රජයේ උණුසුම් පිළිගැනීමක්  හිමිවූ බව Zhao Leji මහතා එම හමුවේදී පැවසීය. චීනය සහ උතුරු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වැනි සංවත්සරය මේ වසරට යෙදී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය සහ රජය සෑම විටම දෙරටේ සබඳතා උපායමාර්ගික ආකාරයෙන් සහ දිගුකාලීන ඉදිරි දර්ශනයකින් සලකන බව ද හෙතෙම කියා සිටී.‍

සංවර්ධනයේ සම්බන්ධ ශක්තිමත් කොට ද්විපාර්ශ්වික සහයෝගිතා ගැඹුරු කරමින් චීන-උතුරු කොරියා සබඳතා අඛණ්ඩව පුළුල් කිරීම සඳහා උතුරු කොරියාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද Zhao Leji මහතා සඳහන් කළේය.

ෂී ජින්පිං මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ චීනයේ සමාජවාදී ව්‍යායාමයේ විශාල ජයග්‍රහණයක් දිනා ගැනීම පිළිබඳව Kim Jong-un මහතා එහිදී උණුසුම් සුබපැතුම් පිරිනැමීය. උතුරු කොරියාව සහ චීනය අතර සාම්ප්‍රදායික මිත්‍ර සහයෝගිතා සබඳතා තහවුරු කොට සංවර්ධනය කිරීම උතුරු කොරියානු කම්කරු පක්ෂයේ හා රජයේ නොසැලෙන ප්‍රතිපත්තිය බවද හෙතෙම කීය. චීනය සමඟ එක්ව විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කොට රාජ්‍ය පාලනයේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, සම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කිරීමටත් උතුරු කොරියාව කැමැත්තෙන් සිටින බව Kim Jong-un මහතා එහිදී කියා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම