ජපානයේ අවදානම් සහිත ක්‍රියාමාර්ග පිටුපස ඇත්තේ කුමන අරමුණු ද?
2024-04-14 19:08:38
Share with:

‘ඇමරිකා-ජපාන ආරක්ෂක ගිවිසුම’ සැලකිය යුතු අයුරින් උත්ශ්‍රේණිගත කිරීම, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, පිලිපීනය සමග ඒකාබද්ධ ව දකුණු චීන මුහුදේ යුද අභ්‍යාස පැවැත්වීම ඇතුළු අවදානම් සහිත ක්‍රියාවන්හී  ජපානය නිරතවීම විවිධ ක්ෂේත්‍රවල  දැඩි විරෝධයට ලක් ව ඇත.

මෙම ක්‍රියාවන් අතරින් දැවැන්තම මතභේදාත්මක ක්‍රියාව වනුයේ ඇමරිකා-ජපාන යුද සන්ධානය ජපානය කැපී පෙනෙන ලෙස තහවුරු කිරීම ය. 1945 වසරේ දෙවැනි යුද්ධයෙන් පරාජයට පත්වීමෙන් පසු, ජපාන රජය ඇමරිකාව සමග එක්ව ආරක්ෂක ගිවිසුම් දෙකක් අත්සත් කළේය. එනම් 1951 වසරේ අත්සන් කළ පැරණි අනුවාදය හා 1960 වසරේ අත්සන් තැබුණු නව අනුවාදය යි. දෙරට සන්ධාන හවුල්කාරීත්වය එමගින් ස්ථාපනය කර තිබේ.

පසුගිය 11වැනි දා Washington හි පැවති ඇමරිකාවේ හා ජපානයේ රාජ්‍ය නායක සමුළුවේදී ගතවූ වසර 60කට වැඩි කාලයක් තුළ එම ගිවිසුමේ විශාලම උත්ශ්‍රේණිගත කිරීම සිදු කෙරිණ. එසේ ම, එහිදී නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනයේ නැගෙනහිර මුහුද, දකුණු චීන මුහුද හා චීන තායිවාන ප්‍රදේශය පිළිබඳ ගැටළු හුවා දක්වා තිබේ. ඊනියා බහුපාර්ශ්වික සහයෝගිතා සහතික කරමින් NATO සංවිධානය අතර පවතින සබඳතාව තහවුරු කෙරෙනු ඇති බවට ද එහි දැක්වෙයි. මෙවන් ක්‍රියාමාර්ග මගින් සාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙසට නම් කර ඇති ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එරට තවදුරටත් බැහැර වෙමින් සිටීම පිළිබිඹු කෙරෙන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ජපානය බහුමානයකින් ඇමරිකාවේ ගෝලීය උපක්‍රමයට සහාය දක්වමින් චීනයට එරෙහි වීමේ අරමුණ එමගින් ඉතා පැහැදිලි බව ද විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. 

ජපානයේ Asahi Shimbun පුවත්පත පවසන්නේ ජපානය සාම රටක් ලෙසට දැක්වෙන ප්‍රතිරූපය සැකයකට ලක් වෙමින් පවතින බවයි. ගෝලීය වශයෙන් විශාලතම යුදමය රට වන ඇමරිකාව ආසියානු ශාන්තිකර ප්‍රදේශයේ කටයුතුවලට අනිසි බලපෑම් එල්ල කිරීමෙන් සිය යුදමය ස්වභාවය ඉස්මතු කර ඇත. ඇමරිකාව හා ජපානය යුද සන්ධානය උත්ශ්‍රේණිගත කිරීමෙන් කලාපීය සමබරතාව විනාශ වනු ඇත.

ජපානයේ නැගෙනහිර ආසියා ප්‍රජාව සඳහා වන පර්යේෂනායතනයේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන පරිදි, මිලිටරලිකරණයෙන් බැහැර වී අසල්වැසි රටවල් සමග සුහදශීලී සබඳතාව ගොඩනැංවීම, ජපාන රජයේ වත්මන් අත්‍යවශ්‍යතාව විය යුතු බවයි.

ගුවන් විදුලිය
20240429සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම