ළමා සංවර්ධන මධ්‍යස්ථානවල වෙසෙන දරුවන්ට ජනපතිගෙන් අවුරුදු තෑගි
2024-04-13 18:20:13
Share with:

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336 ක වෙසෙන දරු දැරියන් සඳහා අවුරුදු තෑගි පාර්සල් ප්‍රදානය කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව අද (13) එය ක්‍රියාවට නැංවිණ. අලුත් අවුරුදු රසකැවිලි හා තෑගි පාර්සල් මෙහිදී දරුවන්ට බෙදාදෙනු ලැබීය.

දෙමාපියන් අහිමිව සිටියත් සෑම දරුවකුටම අවුරුදු සතුට ලබාදීමේ අරමුණින් ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු මැයෙන් ජනාධිපති කාර්යාලය, සිලෝන් බිස්කට් සමාගම ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධාන කෙරිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම