චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රගමනයට චීනය ලබාදෙන සහාය ඇන්ටිගුවා සහ බාබුඩා අගමැතිගේ පැසසුමට ලක්වෙයි
2024-04-13 16:17:57
Share with:

තම අත්දැකීම් අනෙකුත් රටවල් සමග බෙදාගන්නා චීනය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රගමනයට නිරතුරුව සහාය වන බව ඇන්ටිගුවා සහ බාබුඩා අගමැති Gaston Browne මහතා පවසයි.  තම රට“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ ප්‍රතිලාභ අත්විඳින රටක් බව ද හෙතෙම කියාසිටී.

Gaston Browne මහතා මේ අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

දශක ගණනාවක් තිස්සේ තම රටට දැවැන්තම සහයෝගය ලබා දුන් රට චීනය බව හෙතෙම එහිදී පැවසීය. චීනය, ඇන්ටිගුවා සහ බාබුඩා හි සංවර්ධනයට සෑම අංශයකින්ම ආධාර ලබා දී තිබේ. දෙරට අතර සබඳතාව, දැවැන්ත හා කුඩා රටවල් අතර පවතින සබඳතා සඳහා ප්‍රශස්ත ආදර්ශයක් බව ද Gaston Browne මහතා පෙන්වාදෙයි. විශේෂයෙන්ම පසුගිය දශකය තුළ චීනය, සංවර්ධනය වෙමින් පවතින රටවලට දරිද්‍රතාවයෙන් මිදීම සඳහා පුළුල් සහායක් ලබා දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

සමස්ත මානව වර්ගයාගේ සංවර්ධනය සඳහා කරන කැපවීම නිසාම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලොව ශ්‍රේෂ්ඨතම සහ ගෞරවනීය නායකයා බවට පත් ව ඇති බව ද ඇන්ටිගුවා සහ බාබුඩා අගමැතිවරයා  කියා සිටී. සමස්ත ලෝකයටම ප්‍රතිලාභ බෙදීයාමේ අරමුණින්“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම සහ ගෝලීය ආරක්ෂක මුලපිරුම යනාදී විවිධ යෝජනා ෂී ජින් පිං මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. තමා ඒ වෙනුවෙන් චීන ජනාධිපතිවරයාට ගෞරවය පුද කරන බව ද Gaston Browne මහතා පැවසීය.

එකම චීනය මූලධර්මය තරයේ පිළිගන්නා ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යය, ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනයට පූර්ණ සහාය දක්වන බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

ගුවන් විදුලිය
20240429සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම