උග්‍ර විරැකියාව සහ උද්ධමනය කෙරෙහි ඉන්දියානු ඡන්දදායකයන්ගේ ඉහළ අවධානයක්
2024-04-13 16:28:06
Share with:

ඉන්දීය ලෝක් සභා මැතිවරණයට ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයකි. එහෙත්, උග්‍ර වී ඇති විරැකියාව සහ උද්ධමනය ඉන්දියානු ඡන්දදායකයන්ගේ ඉහළම සැලකිල්ල යොමුවන කරුණු බවට පත් ව ඇතැයි ජනමත විමසුමකින් අනාවරණය වී තිබේ.  

ඉන්දියාවේ “සංවර්ධනය වෙමින් පවතින සමාජ පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය” පසුගිය දා එරට ප්‍රාන්ත 28 න් 19 ක ඡන්දදායකයන් 10,000 ක් සහභාගි කරවා ගනිමින් සමීක්ෂණක් සිදු කර ඇතැයි The Hindu පුවත්පත වාර්තා කරයි. ඊට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 27% ක පිරිසක් විරැකියාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වන අතර, 23% ක් මිල ඉහළ යාම ගැන සැලකිලිමත් වන බව පවසා ඇත.

ඉන්දිය ලෝක් සභා මැතිවරණයේ ඡන්ද විමසීම අප්‍රේල් 19 වැනිදා අදියර වශයෙන් ආරම්භ වීමට නියමිතය. ජූනි මස මුල දී ඡන්ද ගණන් කර මූලික ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම