අලුත් අවුරුද්ද නිමිත්තෙන් රැඳවියන් පිරිසකට රාජ්‍ය සමාව
2024-04-13 18:43:03
Share with:

බන්ධනාගාරගත ව සිටින රැඳවියන් 779 දෙනෙකුට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රාජ්‍ය සමාව යටතේ නිදහස පිරිනැමේ.

විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් 768 දෙනෙකු සහ සිරකාරියන් 11 දෙනෙකු මෙලෙස නිදහස ලබාගැනීමට නියමිතය.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව ද අද (13) දිනයේ ඥාතීන්ට ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහිදී රැඳවියන්ගේ ඥාතීන් විසින් නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය පවතින නීතිරීති හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ ලබාදිය හැකි බව ද දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම