ඇමරිකාව ඇතුළු ත්‍රෛපාර්ශ්වික සමුළුව ආසියා ශාන්තිකර කලාපයේ ස්ථාවරත්වයට හානිකර යි - ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් අනතුරු ඇඟවීම්
2024-04-13 17:03:34
Share with:

ඇමරිකාව, ජපානය හා පිලිපීනය අතර ත්‍රෛපාර්ශ්වික සමුළුව ආසියා  ශාන්තිකර කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට හානි කරන බව රටවල් රැසක විශේෂඥයෝ පවසති.

ඇමරිකාව, ජපානය හා පිලිපීනය පසුගිය 11වැනිදා වොෂිංටන් අගනුවර දී ත්‍රෛපාර්ශ්වික සමුළුවක් පවත්වා ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතා විධිවිධාන රැසක් ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කර තිබේ.

සමුළුවේ ස්වභාවය සහ එහිදී ප්‍රකාශයට පත් කර ඇති හමුදා සහයෝගීතාවයේ සැබෑ අරමුණ වන්නේ ආසියා ශාන්තිකර කලාපයෙන් බාහිරව බලවේග කණ්ඩායම් ස්ථාපනය කිරීම බවත්, එය එම කලාපයේ සාමය සහ ස්ථාවරත්වයට හානි කරන බවත් විශේෂඥයෝ පවසති.

වොෂින්ටනය සහ ටෝකියෝව ඔවුන්ගේ "කුඩා සහෝදරයා" වන පිලිපීනය ආකර්ෂණය කර ගනිමින් ඇමරිකා-ජපාන සබඳතා ශක්තිමත් කරන අතර, එය පිලිපීනයට විශේෂ මෙන්ම විශාල අවදානමක් වනු ඇතැයි "ගෝලීය උපායමාර්ගික තොරතුරු" නමැති ඇමරිකානු සඟරාවේ හිටපු ධවල මන්දිර වාර්තාකරුවෙකු වන William Jones මහතා පසුගිය 11 වැනි දා කියා සිටියේය. "ඇමරිකාවට පිලිපීනය වෙත සැපයිය හැක්කේ තුවක්කු පමණි, බටර් නොවේ" යනුවෙන් ඔහු පවසා ඇත.

පිලිපීන ACPSSI ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා Anna Malindog-Uy මහත්මිය පෙන්වා දෙන්නේ, අදාළ ත්‍රෛපාර්ශ්වික සමුළුව සහ එම හමුදා එකඟතා, සහයෝගීතාවන්ට වඩා ගැටුම් තවදුරටත් තීව්‍ර කරනු ඇති බවයි. මේ තත්ත්වය නිසා දකුණු චීන මුහුදේ ප්‍රශ්නය විසඳීමේ දී අදාළ රටවල එකමුතුකමට දැඩි හානි සිදුවනු ඇතැයි ද ඇය කිසාසිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම