ඇමරිකාව, ජපානය සහ පිලිපීනය සහයෝගීතාවයේ මුවාවෙන් ගැටුම් නිර්මාණය කරමින් සිටින බව චීනය කියයි
2024-04-13 17:57:29
Share with:

ඇමරිකාව, ජපානය සහ පිලිපීනය සහයෝගීතාවයේ මුවාවෙන් ගැටුම් නිර්මාණය කරමින් ත්‍රෛපාර්ශ්වික සමුළුව පවත්වන බව චීනය කියයි

පිලිපීනයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා ඊයේ (12) මේ බව පැවසුවේ එම සමුළුව පිළිබඳව  වාර්තාකරුවන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

චීනයේ තායිවාන ප්‍රදේශය හා සමුද්‍රීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් චීනය අපකීර්තියට පත් කර ඇති මෙම තුන් පාර්ශ්වය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වී ඇති බව ද එම ප්‍රකාශකයා පැවසීය. මේ සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරන බව ද හෙතෙම කියාසිටියේය.

තායිවාන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත් එය චීනයේ මූලික අවශ්‍යතාවල හරය වන බවත් ඔහු පෙන්වාදෙයි. Diaoyu දූපත සහ ඊට යාබද ව පවතින දකුණු චීන මුහුදේ දූපත් සම්බන්ධයෙන් චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් ඇත. නැගෙනහිර චීන මුහුදේ සහ දකුණු චීන මුහුදේ ගැටළු සම්බන්ධයෙන් අදාළ රටවල් එල්ල කරන පදනම් විරහිත චෝදනා සහ ද්වේෂසහගත ප්‍රකාශ චීනය කිසි විටෙකත් පිළිනොගනී. ඇමරිකාව සහ ජපානය වැනි පිටස්තර බලවේගවල උසිගැන්වීම් සහ සහාය ඇතිව, පිලිපීනය මෑත කාලයේ දකුණු චීන මුහුදේ අනවසර හා ප්‍රකෝපකාරී ක්‍රියා අඛණ්ඩව දියත් කළ බව ද ඔහු පැවසීය.

තම රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම මෙන්ම කලාපීය සාමය සහ ස්ථාවරත්වය බිඳ දැමීම නතර කරන ලෙස ඇමරිකාව, ජපානය සහ පිලිපීනයෙන් චීනය ඉල්ලා සිටින බව ද එම ප්‍රකාශකයා කියාසිටී. එසේම, සිය භෞමික ස්වෛරීභාවය, සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා සහතික කිරීමේ දී චීනය නොසැලී ක්‍රියා කරන බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම