ඇමරිකාව, ජපානය හා පිලිපීනය දකුණු චීන මුහුදේ අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීමේ වෑයමක
2024-04-13 16:01:19
Share with:

ඇමරිකාව, ජපානය, පිලිපීනය යන රටවල රාජ්‍ය නායකයෝ පසුගිය 11 වැනි දා, Washington නගරයේ දී ප්‍රථම ත්‍රෛපාර්ශ්වික සමුළුව පැවැත්වූහ. සමුළුවෙන් අනතුරුව, ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කෙරිණ. ඊනියා ‘ඉන්දීය ශාන්තිකර කලාපයේ ආරක්ෂාව හා සමෘද්ධිය’ ලෝකය තුළ තහවුරු කිරීම සඳහා අදාළ පාර්ශ්ව තුන එක්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සහයෝගිතා තහවුරු කරන බව එහි සඳහන් වේ. එසේ ම, චීනය ‘හමුදා බලය යොදවා පවතින තත්ත්වය වෙනස් කරන’ බවක් එම ප්‍රකාශයෙන් ඔවුන් හුවාදක්වා තිබේ. දකුණු මුහුද, නැගෙනහිර මුහුද ඇතුළු සාගර කලාපවල චීනය සිය ස්වෛරීභාවය ආරක්ෂා කිරීම පිළිබඳව ඊනියා ‘සැලකිල්ල’ යොමුකරන බව ද එහි සඳහන් වේ.

පිලිපීනයේ ගුවන් යානා, නෞකා හෝ සන්නද්ධ හමුදාවන්ට දකුණු චීන මුහුදු ප්‍රදේශයේ දී ප්‍රහාර එල්ල වුවහොත් පිලිපීනයට ‘ඇමරිකා-පිලිපීන ඒකාබද්ධ ආරක්ෂක සම්මුතිය’ උපුටා දැක්විය හැකි බව ද එම ත්‍රෛපාර්ශ්වික සමුළුවේ දී ඇමරිකාව යළි අවධාරණය කර ඇත.

ඇමරිකාව දකුණු චීන මුහුදේ තත්ත්වය උග්‍ර කිරීමට දැරූ ප්‍රයත්න පිලිපීනයට දැවැන්ත සහායක් වූ බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මේ අතර, පිලිපීනයේ හිටපු ජනාධිපති Rodrigo Duterte මහතා පසුගිය දා මාධ්‍ය අමතමින් පැවසුවේ දකුණු චීන මුහුදු කලාපයේ මෙතෙක් කල් සාමය පැවති බවයි. එහෙත්, ඇමරිකාව ඊට මැදිහත් වීමෙන් එහි අර්බුදකාරී තත්ත්වයක් හටගත් බව ද හෙතෙම කියා සිටියේය.

අදාළ ත්‍රෛපාර්ශ්වික සමුළුව පැවැත්වීමට පෙර, ධවල මන්දිරය ආශ්‍රිත ව විරෝධතාවක් ද පැවැත්විණ. ‘පිලිපීන ජනපති මාකෝස්ගේ ඇමරිකානු  නිල සංචාර එපා’ ‘ පිලිපීනය පාවා නොදෙනු’වැනි වැකි ඔවුන්ගේ විරෝධතා පුවරුවල දැකිය හැකිවිය. මෙම සමුළුවේ සැබෑ අරමුණ වන්නේ, පිලිපීනය යොදාගනිමින් ඇමරිකාව, ආසියා ශාන්තිකර කලාපය තුළ චීනයට එරෙහි ප්‍රතිවිරෝධයක් නිර්මාණය කිරීම බවට ද එම පිරිස චෝදනා කළහ.

සෑමවිටම සාකච්ඡා මගින්, සාමකාමීව භෞමික අඛණ්ඩතාව පිළිබඳ අර්බුද විසඳීම චීනයේ පිළිවෙත යි. එහෙත්, රටවල් සුළුතරයක් කිසිදු පදනමකින් තොරව කරන උන්මත්තක ක්‍රියාවන්ට චීනය කිසිසේත් ම ඉඩනොදෙනු නැත. ආසියාන් සංගමයට අයත් රටවල් චීනය හා සබඳතා තහවුරු කරන වත්මන් යුගයේ ඇමරිකාව, ජපානය හා පිලිපීනයේ ඊනියා ‘එක්සත් භාවය’ කලාපයට රැගෙන එන්නේ ප්‍රතිරෝධ හා තර්ජන මිස කිසිසේත් ම ‘ආරක්ෂාව හා සමෘද්ධිය’ නම් නොවේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම