ස්ලෝවැකියාවේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-04-13 15:02:20
Share with:

ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණයෙන් ජය ලබා එම ධුරයට පත් Peter Pellegrini මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම්  පිරිනමයි. 

ගත වූ කාලය තුළ චීනය සහ ස්ලෝවැකියාව අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය වඩාත් තහවුරු වී ඇති අතර, අංශ ගණනාවක විහිද ගිය ද්විපාර්ශ්වික සබඳතා ද මෑතකාලීනව ප්‍රශස්ත අයුරින් වර්ධනය වී ඇතැයි හෙතෙම සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙයි. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 75 වැනි සංවත්සරය යෙදී ඇති මේ වසර මුල් කර ගනිමින් දෙරට සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීමට අවස්ථා උදාකර දෙන බව ද  ෂී ජින් පිං මහතා කියාසිටී.

චීනය සහ ස්ලෝවැකියානු සම්බන්ධතා වර්ධනය කිරීම අතිශය වැදගත් කොට සලකන තමා, දෙරට අතර දේශපාලන සබඳතා තවදුරටත් පුළුල් කිරීමට Peter Pellegrini  ජනාධිපතිවරයා සමග එක්ව ක්‍රියා කරන බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කරයි. එසේම, චීනය සහ නැගෙනහිර යුරෝපා රටවල් අතර එක් තීරයක් එක් මාවතක් වැඩසටහනේ සහයෝගිතා පුළුල් කිරීමටත්, ද්විපාර්ශ්වික සම්බන්ධතාවන් හි උසස් තතත්ත්වය සහතික කිරීමටත් පියවර ගන්නා බව ද ඔහු කියා සිටී. චීනය සහ ස්ලෝවැකියානු  ජනතාවට වඩා ඉහළ ප්‍රතිලාභ අත් කර දීම තම අපේක්ෂාව බව ද චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම