රටක ඉදිරි ගමනට සමාජ සබඳතා හා සාමූහිකත්වය අවශ්‍ය බව ජනපති කියයි
2024-04-12 16:52:52
Share with:

අලුත් අවුරුද්දේ අලුත් වීමට පමණක් නොව, රටක් වශයෙන් නිවැරදි මගක ඉදිරියට ගමන් කිරීමට ද අවශ්‍ය මූලික සාධකයක් වන්නේ සමාජ සබඳතා සහ සාමූහිකත්වය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙනි. අලුත් සිතුවිලි ඔස්සේ අලුත් දෑ නිර්මාණය කරමිනි. මේ සෑම අලුත් වීමක් පසුපසම තවත් අතිශය වැදගත් කාරණයක් පවතින බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. ඒ, සමාජ සබඳතා සහ සාමූහිකත්වයයි

මේ වසරේ ගොවි ජනතාව කළ මෙහෙවර ද කෘතවේදී ව සිහිපත් කළ යුතු බව පවසන    ජනාධිපතිවරයා  සියලු ජනතාවට සුබ නව වසරක් වේවා යි සුබ ප්‍රාර්ථනා කරයි.

අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු බවත්, ඒ අවුරුදු අසිරිය මතු පරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමක් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අගමැතිවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයේ මේ බව දැක්වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට සුබ පැතුම් එක් කරමින් පවසන්නේ අභිමානවත් දේශයක් බිහි කිරීම සඳහා සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගත යුතු බවයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම