මෙරට ආර්ථිකය ගැන යළිත් පුරෝකථනයක්
2024-04-12 14:57:23
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේ දී මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවට පුරෝකථනය කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛ පෙළේ ආර්ථික ප්‍රකාශනයක මේ බව දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර දෙකක අඛණ්ඩ හැකිලීමකින් පසු මෙම තත්ත්වයට පත් ව ඇති බව එහි සඳහන් ය. ඒ අනුව මෙම වසරේ දී මෙරට ආර්ථිකය 1.9% ක වර්ධනයක් පෙන්නුම් කරන බව ද ආසියානු සංවර්ධන බැංකුව පෙන්වාදෙයි.

එසේම, අදාළ ප්‍රකාශනයෙන් 2025 වසරේ දී මෙරට ආර්ථිකයේ 2.5% ක වර්ධනයක් පුරෝකථනය කර ඇත. පැවති අර්බුදකාරී වාතාවරණයෙන් පසු 2023 වසරේ මැද භාගයේ සිට මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ සලකුණු පෙන්නුම් කළ බවත්, මේ වනවිට උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහත වැටී ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි‍.

එමෙන්ම සංචාරක පැමිණීම් ඉහළ යාම සහ විදෙස් ප්‍රේෂණ ගලා ඒම ද ප්‍රශංසනීය තත්ත්වයක පවතී. අසීරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව මේ වනවිට ලබා ඇති ප්‍රගතිය ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ද පැසසුමට ලක් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම