චීනයේ භාණ්ඩ ආනයන අපනයන පරිමාණය පළමු වරට චීන යුවාන් ට්‍රිලියන 10 ඉක්මවයි
2024-04-12 19:19:40
Share with:

මෙම වසරේ මුල් කාර්තුවේ දී චීනයේ භාණ්ඩ ආනයන අපනයන පරිමාණය ඉතිහාසයේ ප්‍රථම වතාවට චීන යුවාන් ට්‍රිලියන 10 ඉක්මවා ඇත. රාජ්‍ය මණ්ඩල‍ ප්‍රවෘත්ති කාර්යාලයේ අද (12)  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජාතික රේගු පරිපාලනයේ අදාළ බලධාරියෙක් මේ පිළිබඳ කරුණු විග්‍රහ කළේය.

රේගු සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම වසරේ පළමු කාර්තුවේ දී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 10.17 ක් වූ අතර, එය 5% ක වාර්ෂික වර්ධනයකි. ආනයන අපනයන වර්ධන වේගය ද කාර්තු හයක දී නව ඉහළ මට්ටමක් වාර්තා කර තිබේ.

මෙම වසරේ පළමු කාර්තුවේ දී, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවලට චීනය කළ ආනයන සහ අපනයනයන් හි වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 4.82 ක් වූ අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 5.5% ක වර්ධනයකි. එය මුළු ආනයන අපනයන වටිනාකමෙන් 47.4% ක් වීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම