ඊනියා "තායිවාන ස්වාධීනත්වය" හුවාදක්වන ඕනෑම ප්‍රයත්නයක් තම හමුදාව මගින් මර්දනය කරන බව චීනය කියයි
2024-04-12 18:55:22
Share with:

ඊනියා "තායිවාන ස්වාධීනත්වය" හුවාදක්වන ඕනෑම ආකාරයක බෙදුම්වාදී ක්‍රියාවක් චීන මහජන විමුක්ති හමුදාව මගින් මර්දනය කරන බව චීනය කියා සිටී.

චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක Wu Qian මහතා, මෑතකාලීනව උද්ගතව ඇති හමුදාමය අර්බුද පිළිබඳව අදහස් පළ කරමින් අද (12) මේ බව පැවසීය.

ඇමරිකානු හමුදාවේ ඉන්දු-පැසිෆික් මූලස්ථානය වෙත පසුගිය දා පැමිණි චීනයේ තායිවාන ප්‍රදේශයේ නාවික හමුදාපතිවරයා එහි පැවති ක්‍රියාකාරකම්වලට සහභාගි වූ බවට මාධ්‍ය වාර්තා පළ විය. "පළමු දූපත් සමූහය" තුළ චීනය සතු යුදමය ශක්තියට එරෙහිව ඇමරිකාව සහ තායිවාන බලධාරීන් සම්බන්ධීකරණය කිරීම මෙම සංචාරයේ අරමුණ බව ඇතැම් විචාරකයන් පෙන්වා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් Wu Qian මහතා ප්‍රකාශ කළේ, ඇමරිකාව සහ චීනයේ තායිවාන ප්‍රදේශය අතර පවතින ඕනෑම ආකාරයක නිල හුවමාරු සහ හමුදා සබඳතාවලට චීනය දැඩි විරෝධය පළ කරන බවයි. තායිවානය යනු චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. ඊනියා "පළමු දූපත් සමූහය" සීතල යුද සමයේ පැවති භූ දේශපාලනික තත්ත්ව හේතුවෙන් හටගත් අතර, චීනයට බාධා කිරීමට දරන කිසිදු ප්‍රයත්නයක් කිසිදාක සාර්ථක නොවනු ඇතැයි ද Wu Qian මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම