ග්‍රාමීය සංවර්ධනය ඇතුළු අංශ රැසකට කොරියාවේ සහාය
2024-04-12 18:33:52
Share with:

අධ්‍යාපනය, සෞඛ්‍යය, පුනර්ජනනීය බලශක්තිය, රැකියා, කෘෂිකර්මය සහ ග්‍රාමීය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය ලබාදීමට කොරියාව එකඟතාව පළකරයි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඊයේ (10) පැවති හමුවකට එක්වෙමින් කොරියානු තානාපති මියොන් ලී මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

අගමැතිවරයාගේ කොරියානු සංචාරයේ දී ගනු ලැබූ තීරණ පිළිබඳ පසුවිපරම් ක්‍රියාමාර්ග එහිදී සාකච්ඡා කරනු ලැබීය.

පාසල් මට්ටමින් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා, අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි මෙරට පාසල් 1, 000 කට සුහුරු පන්ති කාමර ලබාදීමට කොරියාව එකඟ වී ඇත. එසේම, රජයේ රෝහල්වල කෙටිකාලීන සේවා සඳහා වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකාවට එවීමට සහ මෙරට වෛද්‍යවරුන් සමග ඔවුන්ගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමට ද නියමිතයි. දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමටත්, නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව ද තානාපතිවරිය පැවැසුවාය.

සිය කෙටි සංචාරයේ දී ලබාදුන් විශිෂ්ට සහයෝගිතාව සහ ආගන්තුක සත්කාරය පිළිබඳව අගමැතිවරයා මෙහි දී කොරියානු රජයට ස්තුතිය පළ කළේ ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම