තම සාගර අයිතිවාසිකම් හා සම්බන්ධ ගැටළුවලට මැදිහත් වන බාහිර පාර්ශ්වයන්ට චීනයේ දැඩි විරෝධය
2024-04-12 18:37:35
Share with:

තම රටේ නීත්‍යනුකූල සාගර අයිතිවාසිකම් හා සම්බන්ධ ගැටළුවලට මැදිහත් වන බාහිර රටවලට එරෙහිව තරයේ විරෝධය පළකරන බව චීනය කියයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.

ඇමරිකාව, ජපානය හා පිලිපීනය ඊයේ (11) වොෂිංටන් අගනුවර දී පැවැත්වූ ත්‍රෛපාර්ශ්වික සමුළුවෙන් අනතුරුව "ජපාන-පිලිපීන-ඇමරිකා නායකයන්ගේ පොදු දැක්ම" නිකුත් කර ඇත. මෙවර සමුළුව මෙන්ම ඇමරිකාව, ජපානය සහ පිලිපීනය අතර සහයෝගිතාව "චීනය ඉලක්ක කර නොගන්නා" බව ඇමරිකාව මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එහෙත් සමුළුව නිකුත් කළ ප්‍රකාශනයේ මෙවරත් දකුණු චීන මුහුද, නැගෙනහිර චීන මුහුද සහ චීන තායිවාන සමුද්‍ර සන්ධිය යන කරුණු සඳහන් කර ඇතැයි අද පැවති මාධ්‍ය හමුවේ දී  අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් Mao Ning මහත්මිය ප්‍රකාශ කළේ, ඇතැම් රටවල් වෙනත් බාහිර රටවල් සමඟ එක්ව චීනයේ මුහුදු අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය කරමින් ප්‍රකෝපකාරී ක්‍රියාවන් හි නිරත වීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරන බවයි. එසේම, තම භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් තරයේ ආරක්ෂා කරන අතරම කලාපීය ගැටළුවලට මැදිහත් වීමට එරෙහිව චීනයේ තදබල විරුද්ධත්වය පළ කරන බව ද Mao Ning මහත්මිය එහිදී අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම