චීනයට එරෙහි ජපාන හා ඇමරිකා අක්‍රීය ප්‍රකාශයට දැඩි විරෝධය
2024-04-12 14:51:15
Share with:

චීනයට එරෙහි ජපාන හා ඇමරිකා අක්‍රීය ප්‍රකාශයට දැඩි විරෝධය පළ කරන බව ජපානයේ චීන තානාපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කරයි.

චීනයේ කේන්ද්‍රීය වාසි හා වැඩි සැලකිල්ලට ලක් කරුණුවලට ගරු කරමින් චීන ජපාන උපායමාර්ගික අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සම්බන්ධතාවයෙන් ඇති වූ එකඟතාවන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව ද ඔහු ඊයේ(11) ප්‍රකාශ කළේය. චීන ජපාන සම්බන්ධතාව වඩාත් බරපතල හානියකට ලක්වීම වැළැක්වීම සඳහා ජපානය, අසල්වැසි රටවල් සමග ගැටුම් ඇති කිරීම, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම හා චීනයේ ප්‍රතිලාභයන්ට  හානි කිරීම නතර කළ යුතු බව ඔහු පැවසීය.

තර්ක හා සැබෑ තත්ත්වය පිළිබඳව චීනය ජපානයට පැහැදිලි කළද ජපානය චීනයේ උත්සාහය නොතකා ජපාන ඇමරිකාන නායක හමුවේදී චීනයට එරෙහිව කරුණු දැක්වීම අත් නොහැර සිටියේය. එම දෙරට හමුදාමය සන්ධානය ශක්තිමත් කිරීමට උත්සාහ කර ඇති අතර එය කලාපීය සාමය හා ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වී තිබේ. 

සීතල යුද මානසිකත්වයේ ප්‍රතිඵලයක් වන ජපාන ඇමරිකා සන්ධානය තුන් වන පාර්ශ්වයකට ‍එරෙහිව ක්‍රියා නොකළ යුතුය. යුද ආරක්ෂක ක්ෂේත්‍රයේ ‘සුළු කණ්ඩායමක්’ ඇති කිරීම, කාලානුරූපී නොවන ක්‍රියාවකි. ඉන් සිදු වන්නේ ගින්න තමා වෙතට  ගැනීම පමණක් බව ද එම චීන ප්‍රකාශකයා පවසා ඇත. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම