තොරතුරු තාක්ෂණ ගිවිසුම යහපත් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ චීන යෝජනාවක් ලෝක වෙළඳ සංවිධානයට
2024-04-12 09:30:07
Share with:

තොරතුරු තාක්ෂණ ගිවිසුම යහපත් ලෙස ක්‍රියාත්මක කිරීම හා ඒ ගිවිසුමේ අදාළත්වය ශක්තිමත් කිරීම පිළිබඳ යෝජනාව චීනය ඊයේ(11) ලෝක වෙළඳ සංවිධානය වෙත ඉදිරිපත් කළේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන ගනුදෙනු කිරීම පිළිබඳ සහයෝගිතා ශක්තිමත් කරන ලෙස චීනය ඉල්ලා සිටී. ඊට එම සංවිධානයේ සාමාජික රටවල පුළුල් ප්‍රතිචාර හිමිව තිබේ.

තොරතුරු තාක්ෂණ ගිවිසුම ඔස්සේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදනයන්ට විවෘත, විනිවිද මෙන්ම ඇස්තමේන්තු කළ හැකි වෙළඳ පරිසරයක් නිර්මාණය කිරීමෙන් එම නිෂ්පාදන ගනුදෙනු හා අදාළ තාක්ෂණ ව්‍යාප්ත කිරීම ප්‍රවර්ධනය කළ හැකි බව චීනයේ අදහස වී තිබේ. සෑම වසරකම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන පිළිබඳ ගෝලීය වෙළඳ වාර්තාවක් නිකුත් කිරීමට චීනය ලෝක වෙළඳ සංවිධානයට යෝජනා කර ඇත. එමගින් අදාළ නිෂ්පාදන වෙළඳ බාධා අහෝසි කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ හා ප්‍රතිපත්ති සැකසීමේ පාර්ශ්වය අතර හුවමාරු හා සංවාද තවදුරටත් ශක්තිමත් කිරීමට හැකිවනු ඇති බවට චීනය ‍අපේක්ෂා පළ කළේය.

චීනයේ යෝජනාවට ප්‍රශංසා පළ කරමින් ඊට සක්‍රීය අර්ථයක් ඇති බව ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටවල් රැසක් පවසා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම