යුක්රේන අර්බුදයට ඇත්තේ දේශපාලන විසඳුමක් පමණක් බව චීනය අවධාරණය කරයි
2024-04-12 10:42:43
Share with:

දේශපාලන විසඳුම යුක්රේන අර්බුදය සමථයකට පත් කිරීමට ඇති එකම මාර්ගය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා පවසයි. හෙතෙම යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඊයේ(11) ආරක්ෂක මණ්ඩලයේ පැවති සමාලෝචන රැස්වීමකදී මේ බව සඳහන් කළේ ය.

දේශපාලන විසඳුමක් සඳහා පළමු පියවර තැබීමට සෘජු සංවාදයක් සහ සාකච්ඡා පවත්වන ලෙස චීනය නැවත වරක් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. ජාත්‍යන්තර ප්‍රජාව තම මැදිහත්වීමේ ප්‍රයත්නයන් වැඩි කළ යුතු අතර ඊට ක්‍රියාකාරීව පහසුකම් නිර්මාණය කළ යුතු බවත් Geng Shuang මහතා පෙන්වා දී ඇත.

වෙනත් වාර්තාවකට අනුව, යුක්රේන ප්‍රශ්නය පිළිබඳව ඵලදායී සංවාදයක යෙදීමට රුසියාව කැමැත්තෙන් සිටින නමුත් යථාර්ථවාදී නොවන ස්ථාවරයන් පැනවීම ප්‍රතික්ෂේප කරන බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා 11 වැනිදා ප්‍රකාශ කළේ ය.

යුක්රේනය සාකච්ඡා ප්‍රතික්ෂේප කර යුධ පිටියේදී රුසියාව පරාජය කිරීමට උත්සාහ කළ බව Putin මහතා පැවසීය. මෙය කළ නොහැකි බව තේරුම් ගෙන ඇති යුක්රේනය දැනට ඉතා දුෂ්කර තත්වයකට පත්ව ඇති බව ද ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම