ආසියා ශාන්තිකර කලාපයේ ප්‍රගමනය වෙනුවෙන් ක්‍රියාකරන බව චීනය කියයි
2024-04-12 20:18:15
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා, ආසියා ශාන්තිකර කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ විධායක ලේකම් Armida Salsiah Alisjahbana මහත්මිය හමුවෙයි. එම හමුව අද (12) බෙයිජිං අගනුවර දී පැවැත්විණ.  

ආසියා ශාන්තිකර කලාපය සඳහා වන ජගත් ආර්ථික හා සමාජ කොමිසම සමග සහයෝගිතා ශක්තිමත් කිරීමටත්, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ සහයෝගිතාවයේ උසස් තත්ත්වය සහතික කිරීමටත් චීනය සූදානම් බව වං යී මහතා එහිදී පැවසීය. එසේම, ගෝලීය සංවර්ධන මුලපිරුම හා තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම පිළිබඳ සහයෝගිතා ශක්තිමත් කිරීමත් චීනයේ අපේක්ෂාවකි. මීට අමතරව ඩිජිටල් හා බුද්ධිමය තාක්ෂණ, හරිත පරිවර්තනය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා තර කළ යුතු වේ. පොදු ඉරණමක් සහිත ආසියා ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැගීමේ දී ජගත් ආර්ථික හා සමාජ කොමිසම සමඟ කටයුතු කිරීමට ද චීනය සූදානම් බව විදේශ අමාත්‍යවරයා පැවසීය.

කලාපීය ආර්ථික ඒකාග්‍රතාව ප්‍රවර්ධනය සඳහා චීනයේ දායකත්වය Armida Salsiah Alisjahbana මහත්මිය මෙම හමුවේ දී ඉහළින් අගය කළාය.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ, ගෝලීය සංවර්ධන මුලපිරුම සහ තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය ඒකාබද්ධව ක්‍රියාවට නැංවීමත්, ආසියා ශාන්තිකර කලාපයේ සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේ දී චීනය සමඟ එක්ව ක්‍රියා කිරීමත් තම කොමිසමේ අපේක්ෂාව බව ද ඇය කියාසිටියාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම