ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් පුණ්‍යායතනයක සේවකයින් මරණයට පත් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දැඩි කනස්සල්ල
2024-04-12 09:46:05
Share with:

ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාරයෙන් පුණ්‍යායතනයක් වන “ලෝක මධ්‍යම භෝජනාගාරය” නැමැති සංවිධානයේ සේවකයන් හත් දෙනෙක් මරණයට පත් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැඩි කනස්සල්ල පළ කරමින් ඊයේ (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

එම සිද්ධිය පිළිබඳව සම්පූර්ණ, විනිවිද සහ පුළුල් විමර්ශනයක් සිදු කර එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ. ජාත්‍යන්තර නීතිය යටතේ මානුෂීය සේවකයින්, මානුෂීය පහසුකම් සහ මානුෂීය සහන කටයුතු ආරක්ෂා කිරීමේ අයිතියට සම්පූර්ණයෙන්ම ගරු කරන ලෙස ආරක්ෂක මණ්ඩල සාමාජිකයෝ ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිති.

ගාසා තීරයේ ගැටුමෙන් ඇති වූ ජීවිත හානි, මානුෂීය ව්‍යසනයන් මෙන්ම ගාසා තීරයේ සාගත තර්ජනය පිළිබඳව ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් සිය ගැඹුරු කනස්සල්ල යළි අවධාරණය කර ඇත. මානුෂීය සහන සැපයුම් බෙදා හැරීමට ඇති සියලු බාධක වහාම ඉවත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම