Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ
2024-04-12 10:09:33
Share with:

Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Mariano Grossi මහතා අවධාරණය කරයි. මෑතකදී එම න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන යානා ප්‍රහාර හේතුවෙන් එහි න්‍යෂ්ටික අවදානම් හටගැනීමේ අවස්ථා වැඩි වනු ඇතැයි ඊයේ (11) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී ඔහු කියාසිටියේ ය. හමුදා මෙහෙයුම් උපරිමයෙන් පාලනය කරමින් Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ සුරක්ෂිත බව පිළිබඳ සිය ඒජන්සියේ රෙගුලාසි පිළිපදින ලෙස ඔහු එහිදී අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ චීන ස්ථාවර නියෝජිත ලි සොං මහතා එම අවස්ථාවට එක් විය. න්‍යෂ්ටික ස්ථාපන ආරක්ෂා කිරීමේදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට හිමි වැදගත් කාර්යභාරයන්ට චීනය සහාය දෙන බව ඔහු කියාසිටී. Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට හානි කරන ඕනෑම ක්‍රියාවක් වැළැක්විය යුතු බවත්, සාමකාමී ලෙස ගැටළු විසඳා ගත යුතු බවත්, ලි සොං මහතා පෙන්වා දෙයි. පෙර සිදු වූ බරපතල න්‍යෂ්ටික අනතුරුවලින් ජගත් ප්‍රජාව පාඩම් ඉගෙන ගෙන තිබේ. එබැවින් එවන් ඛේදවාචකයන් යළි සිදු නොවීම සඳහා ගත හැකි සියලු පියවර ගත යුතු බව ද චීන නියෝජිතයා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම