එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ගෝලීය බහුවිධ ප්‍රතිඵලදායී වැඩසටහනක්
2024-04-11 14:45:48
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ගෝලීය බහුවිධ ප්‍රතිඵලදායී වැඩසටහනක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ මෙම වැඩසටහන මගින් ගෙවුනු දශකය පුරාවට පොදු ජයග්‍රාහී ඉලක්ක රාශියක් සපුරා ගැනීමට හැකිව තිබේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවල‍ට නව අපේක්ෂාවන් ගෙන දී ඇති ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නංවා ඇත. රටවල් හා කලාප විශාල සංඛ්‍යාවක් සමග සහයෝගතා ලේඛන රාශියක් මෙම ව්‍යාපෘතිය යටතේ අත්සන් කර තිබේ. පොදු සංවර්ධන ඉලක්කයන් කරා ලෝකය ගෙනයාමට මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි. මෙම ව්‍යාපෘතියට චීන ජනාධිපතිවරයා ශක්තිමත් නායකත්වයක් ලබා දී ඇත. එමගින් රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩි දියුණු කර පොදු සහයෝගතා තවදුරටත් වර්ධනය කළ හැකි බවද ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි. එම වැඩපිළිවෙලට සම්බන්ධ පාර්ශ්ව අතර වෙළඳ හා ආයෝජන මට්ටම් පුඵල් වී ඇතැයි ද හෙතෙම කියා සිටී. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සම්බන්ධ චීන යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය, චීන ලාඕස දුම්රිය ඇතුළු වඩාත් ප්‍රතිලාභදායී ප්‍රවාහන යටිතල පහසුකම් ව්‍යෘපෘති මගින් කලාපීය මෙන්ම ගෝලීය වෙළඳාමට විශාල රුකුලක් ලැබෙන බවද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම