AUKUS සන්ධානයට එක්වීමට ජපානය ගත් වැරදි තීරණය පිළිබඳ විවිධ පාර්ශ්වල අප්‍රසාදය
2024-04-11 14:49:08
Share with:

AUKUS සන්ධානයට ජපානය එක්වූ බව පසුගිය දා ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව ප්‍රකාශ කර ඇත. AUKUS සන්ධානය යනු ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව විසින් ස්ථාපිත කරන ලද ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරී සම්බන්ධතාවකි. AUKUS සන්ධානය යටතේ ප්‍රධාන වශයෙන් කාර්යයන් 2ක් සිදු කෙරේ.ඒ අතරින් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛත්වයෙන් නව මාදිලියේ න්‍යෂ්ටික සබ්මැරීන නිෂ්පාදනය කිරීම එක් කාර්යයකි. ජපානය වැනි නව සාමාජිකයන් AUKUS සන්ධානය එක් වුවද මෙම කාර්යය ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව යන රටවල් තුනට පමණක් පැවරීම අනිවාර්ය කර තිබේ. සටන් කිරීමේ හැකියාව ඉහළ නංවාලීම වෙනුවෙන් ඒකාබද්ධ ව නව තාක්ෂණ පර්යේෂණ කිරීම AUKUS සන්ධානයේ තවත් වැදගත් කාර්යයකි.මේ සඳහා තවත් හවුල්කාරී රටවල් සහභාගි කරවා ගැනීමට ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව දක්වන්නේ දැඩි උනන්දුවකි.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව AUKUS සන්ධානය ස්ථාපිත කර මේ දක්වා නව සාමාජික රටක් ඊට එක්කර ගත් ප්‍රථම අවස්ථාව මෙයයි. එම රටවල් තුන ජපානය තෝරා ගැනීමේ හුදෙකලා සිද්ධියක් නොවේ. අධි තාක්ෂණ ක්ෂේත්‍රයේ එම රටවල් තුනට වෙන් වෙන් ව අඩුපාඩු තිබෙන අතර ආරක්ෂක තාක්ෂණ සම්බන්ධයෙන් ජපානයට වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව පෙනේ. විශේෂයෙන් හයිපර්සොනික් ආයුධ, ක්වොන්ටම් තාක්ෂණය, විද්‍යුත් යුද්ධ සහ කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්‍රවල ජපානය ඉදිරියෙන් සිටී. ජපානයට නම් AUKUS සන්ධානයට එක් වීමෙන් එම රටවල් තුන සමග සංවේදී යුධ තාක්ෂණ බෙදා ගනිමින් සිය ආරක්ෂක ශක්තිය තහවුරු කළ හැකි ය. එමගින් ආසියා-පැසිෆික් කලාපයේ සිය හමුදා බලපෑම් ඉහළ නංවා ගැනීමට ජපානය බලාපොරොත්තුවෙන් සිටී.

ජපානය AUKUS සන්ධානයට එක් වීම න්‍යෂ්ටික ව්‍යාප්තියට රුකුලක් ලබා දෙන අතර ආසියා-පැසිෆික් කලාපයේ සාමය හා ස්ථාවරත්වයට දැඩි හානි‍ ගෙන දෙනු  ඇත.එබැවින් ජපාන ජනතාව පමණක් නොව ඇතැම් රටවල නායකයන් මේ පිළිබඳව විවේචනය කර තිබේ.ජපානය ගෙන ඇත්තේ වැරදි උපාය මාර්ගික තීරණයක් බවත්, ආසියා කලාපය තුළ බෙදී යන කඳවුරු ස්ථාපිත කිරීමට එම වැරදි තීරණය‍ හේතු වන බවත්,  ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. AUKUS සන්ධානය කලාපීය ස්ථාවරත්වයට බාධා කිරීම පිළිබඳව ද ඉන්දුනීසියානු හා මැලේසියානු නායකයන් ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ කර ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම