2024 වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම මැයි දහවෙනිදා දක්වා
2024-04-11 15:02:23
Share with:

2024 වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම මැයි දහවෙනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ අනුව මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනයට තම නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වූ අයට මැයි දහවෙනිදා දක්වා ඊට අවස්ථාව සැලසේ.

නම ඇතුලත් කර ගැනීම ග්‍රාම නිලධාරී කාර්යාලයට හෝ මැතිවරණ කාර්යාලයට හෝ ගොස් සිදු කළ හැකිය. ඊට අමතරව මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස නම ඇතුළත් කරගත හැකි බව ද ඒ මහතා කීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම