135 වන කැන්ටන් ප්‍රදර්ශනය අප්‍රේල් 15 සිට මැයි 5 දක්වා පැවත්වෙයි
2024-04-11 14:27:47
Share with:

135 වන චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය නොහොත් කැන්ටන් ප්‍රදර්ශනය අප්‍රේල් 15 සිට මැයි 5 දක්වා චීනයේ Guangzhou නගරයේදී පැවත්වෙයි. එම ප්‍රදර්ශනය අදියර තුනකින් ක්‍රියාත්මක වන අතර, අදාළ මාර්ගගත වේදිකාව වසර පුරා ම ක්‍රියාත්මක වේ. ‍

මෙවර කැන්ටන් ප්‍රදර්ශනයේ භූමි ප්‍රමාණය වර්ග මීටර් මිලියන 1.55 ක් වන අතර, මුළු ප්‍රදර්ශන කුටි 74,000 කින් සමන්විතයි. රටවල් සහ කලාප 50ක සමාගම් 29,000කට වැඩි වාර්තාගත සංඛ්‍යාවක් මෙවර ප්‍රදර්ශනයට සහභාගී වනු ඇත. ඒ අතර, අපනයන සමාගම් 28,600ක්, ප්‍රදර්ශනයට අලුතින් එක් වන සමාගම් 4,300කට වැඩි ප්‍රමාණයක් සහ ආනයන සමාගම් 680ක් ද ඇතුළත්ය. මේ වන විට සියලු පූර්ව මෙහෙයුම් සුමටව සිදුවෙමින් පවතී.

මෑත වසරවල කැන්ටන් ප්‍රදර්ශනය ඇතුළු වේදිකා හරහා, චීනය ලෝකයට ශක්තිමත් තරඟකාරිත්වයක් සහ ස්ථාවර සැපයුමක් සහිත උසස් තත්ත්වයේ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ලබා දී ඇත. ඉන් විවිධ රටවලට, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල කාර්මිකකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාර කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම