දකුණු කොරියානු අගමැතිවරයා ඉල්ලා අස්වෙයි
2024-04-11 14:30:09
Share with:

දකුණු කොරියානු අගමැති Han Duck-soo මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති  Yoon Suk Yeol මහතා වෙත වාචිකව දැනුම් දෙයි. මීට සමගාමීව ජනපති ලේකම් කාර්යාල ප්‍රධානී, ප්‍රතිපත්ති කාර්යාල ප්‍රධානී ඇතුළු ජනපති උපදේෂකයින් ද සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ කැමැත්ත පළ කළ බව ද එරට ඒකාබද්ධ පුවත් සේවය අද(11) වාර්තා කර ඇත.

දකුණු කොරියානු 22වන කොංග්‍රස් මැතිවරණයේ ප්‍රතිඵලය අද (11) නිකුත් කෙරුණු අතර ඒ අනුව විශාලතම විපක්ෂය වන පොදු ප්‍රජාතාන්ත්‍රික පක්ෂය හා එහි හවුල්කාර පක්ෂ ආසන 175ක් දිනා කොංග්‍රසයේ බහුතර බලය අඛණ්ඩව හිමිකර ගෙන සිටී.

මෙම තත්ත්වය හේතුවෙන් ජනාධිපති Yoon Suk Yeol මහතා ප්‍රමුඛ රජයට අස්ථාවර තත්ත්වයක් තුළ ඉදිරියට යාමට සිදු වන අතර, ඔහුගේ ඉතුරු ජනපති සේවා කාලයේ දේශපාලන සංකල්පයන්ට බාධා එල්ල වනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම