සීතල යුද්ධ මානසිකත්වයට චීනයේ දැඩි විරෝධය
2024-04-11 18:00:01
Share with:

සීතල යුද්ධ මානසිකත්වය පවත්වා ගෙන කුඩා කණ්ඩායම් දේශපාලනයේ යෙදීමට තරයේ විරෝධ බව චීනය කියයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.

මේ දිනවල පැවැත්වෙන ඇමරිකා-ජපාන සමුළුව සම්බන්ධයෙන් Mao Ning මහත්මිය පැවසුවේ, ඇමරිකාව සහ ජපානය චීනයේ දැඩි සැලකිල්ල නොසලකා, තායිවාන ප්‍රදේශය පිළිබඳ ප්‍රශ්නය හා සමුද්‍රීය සම්බන්ධ ගැටළු යනාදිය පිළිබඳව චීනය අපකීර්තියට පත් කර චීන අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වී ඇති බවයි.  එම ක්‍රියාව ජාත්‍යන්තර සබඳතාවල මූලික මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති අතර චීනය මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය හා ස්ථීර විරෝධය පළ කරන බව ඇය පැවසුවාය. ඇමරිකා-ජපාන සබඳතා වෙනත් රටවල් ඉලක්ක කර හෝ එම රටවල අවශ්‍යතාවලටත් කලාපීය සාමය හා ස්ථාවරත්වයටත් හානි නොකරන්නක් විය යුතු බව ද Mao Ning මහත්මිය කියා සිටියාය.

"තායිවාන ස්වාධීනත්වයට" සහාය නොදැක්වීම යන ඇමරිකාවේ පොරොන්දුව ක්‍රියාවට නංවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.  කිසිදු රටකට චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී චීනයේ අවශ්‍යතාවලට හානි කිරීමට චීනය කිසිවිටෙකත් ඉඩ නොදෙන අතර තම ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ස්ථීරව සහතික කරනු ඇතැයි Mao Ning මහත්මිය එහිදී අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම