චීන තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කිරීමට එක්වූ ඇමරිකානු ව්‍යවසායන් දෙකට එරෙහිව චීනයෙන් ප්‍රතිසම්බාධක
2024-04-11 18:41:47
Share with:

චීන තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කිරීමට එක්වූ ඇමරිකානු ව්‍යවසායන් දෙකට එරෙහිව ප්‍රතිසම්බාධක පැනවීමට චීනය තීරණය කරයි.

ඇමරිකාව වරින් වරට තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කිරීම, එකම චීනය යන මූලධර්මය හා චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස උල්ලංඝණය කිරීමකි. මෙය චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවට ද දැඩි හානියක් ද වෙයි. ‘විදෙස් සම්බාධකවලට එරෙහි  චීන මහජන සමූහාණ්ඩුවේ නීතිය’ට අනුව තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කිරීමට එක්වූ ඇමරිකානු General Atomics Aeronautical Systems (GA-ASI) සහ General Dynamics Land Systems (GDLS) යන සමාගම්වලට එරෙහිව ප්‍රතිසම්බාධක පැනවීමට චීනය පියවර ගෙන ඇත. චීනයේ එම සමාගම්වල චංචල සහ නිශ්චල දේපල හා සෙසු වත්කම් අත්හිටුවීම, එහි උසස් පෙළේ කළමනාකරුවන්ට චීන වීසා පත්‍ර නිකුත් නොකිරීම ඊට අයත් ය.

චීන විදේශ අමාත්‍යංශය මේ බව නිවේදනය කළේය. අද(11) සිට එම සම්බාධක ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම