හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදිරි පියවරක් තබමින් ප්‍රතිනැව්ගත කිරීමේ සේවා අරඹයි
2024-04-11 14:58:25
Share with:

හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මෙඩිටරේනියන් ෂිපින් සමාගම විසින් මෙහෙයවනු ලබන බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කර තිබේ.

ඒ අනුව MV 'MSC Ingrid' බහාලුම් නෞකාව  ප්‍රථමවරට ප්‍රතිඅපනයනය බහාලුම් තොගයක් සමග හම්බන්තොට වරාය වෙත පැමිණ ඇත.

එමෙන්ම මෙඩිටරේනියන් ෂිපින් සමාගමට අයත් දෙවන බහාලුම් නෞකාව වන 'MSC Sky11'

නෞකාව එළඹෙන 16 වැනිදා හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිත අතර එහිදි බහාලුම් 500කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිනැව්ගත කෙරෙන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි.

හම්බන්තොට වරායේ නව ව්‍යාපාර වේදිකාව සඳහා ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන සේවාවක් වන MSC හෙවත් මෙඩිටරේනියන් ෂිපින් නෞකා සේවාව එක්වීම විශේෂත්වයක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම