චීනයේ Ren'ai ගල්පරය ආශ්‍රිත කලාපයේ වත්මන් තත්ත්වයට හේතු පැහැදිලි බව චීනය පවසයි.
2024-04-11 17:06:18
Share with:

චීනයේ Ren'ai ගල්පරය ආශ්‍රිත කලාපයේ වත්මන් තත්ත්වයට හේතු පැහැදිලි බව චීනය පවසයි.

පිලිපීන ජනාධිපති Ferdinand Marcos සිදු කර ඇති ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

Ren'ai ගල්පරය යනු චීනයේ Nansha සමූහ දූපත් වල කොටසක් බව Mao Ning මහත්මිය අවධාරණය කළාය. පිලිපීනය සමඟ සංවාදයෙන් සහ උපදේශනයෙන් Ren'ai ගල්පරයේ තත්ත්වය කළමනාකරණය කිරීමට සහ පාලනය කිරීමට චීනය කැපවී සිටී.

Ren'ai ගල්පරය ආශ්‍රිත කලාපයේ කිසිවෙක් නොමැති සහ පහසුකම් නොමැති මුල් තත්ත්වයට වහාම  පත්කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී. Ren'ai ගල්පරය ආශ්‍රිත වෙරළේ නීතිවිරෝධී ලෙස නැංගුරම් ලා ඇති එරට යුද නෞකාවට පිලිපීනය සැපයුම් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් ස්ථාවර පහසුකම් සහ ස්ථිර මුරපොලවල් ඉදිකිරීමට උත්සාහ කළහොත්, චීනය එය කිසි විටෙකත් පිළි නොගන්නා අතර නීත්‍යනුකූලව එය අවහිර කිරීමට පියවර ගනු ඇතැයි Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම