ගාසා නගරයට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් නායකයාගේ ඥාතීන් 5 දෙනෙක් ජීවිතක්ෂයට
2024-04-11 11:15:58
Share with:

පලස්තීන හමාස් සංවිධානයේ මාධ්‍ය කාර්යාලය ඊයේ(10) නිකුත් කළ නිවේදනයකට අනුව, ගාසා නගරයේ ෂාටි සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන මණ්ඩල නායක Ismail Haniyeh මහතාගේ ඥාතීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් අතරින් තිදෙනෙකු Haniyeh මහතාගේ පුතුන් වන අතර අනෙක් දෙදෙනා ඔහුගේ මුණුබුරන් වන බවත් එම නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Ismail Haniyeh මහතා කටාර්හි අල්ජසීරා මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ ඊශ්‍රායලය තම ඥාතීන් බොහෝ දෙනෙකු ඝාතනය කිරීමත් සමග ගාසා තීරයේ සටන් විරාම සාකච්ඡාවලදී ඊශ්‍රායලයේ කොන්දේසිවලට එකඟත්වය පළ කිරීම සම්බන්ධයෙන් හමාස් සංවිධානය වැඩි අවධානයක් යොමු කරන බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම