චීනය හා ජෝජියාව අතර නිදහස් වීසා ප්‍රතිපත්ති ගිවිසුමක්
2024-04-11 10:15:46
Share with:

චීනය සහ ජෝජියාව අතර සාමාන්‍ය ගමන් බලපත්‍රය සහිත පුද්ගලයන්ගේ වීසා අන්‍යෝන්‍ය වශයෙන් නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹේ. ජෝජියාවේ චීන තානාපති Zhou Qian මහතා හා ජෝජියා විදේශ ඇමති Ilia Darchiashvili මහතා ඊයේ(10) ටිබ්ලිසි අගනුවරදී ඒකාබද්ධව ඊට අත්සන් තැබූහ.

එම ගිවිසුම ක්‍රියාත්කම කිරීමත් සමග චීන ජෝජියා ජනතාව අතර අන්‍යෝන්‍ය හුවමාරු හා අවබෝධය තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත. දෙරට උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව ගොඩනැගීමෙන් පසු එය වැදගත් ප්‍රතිඵලයක් බවට පත් වන බව චීන තානාපති Zhou Qian මහතා එහිදී පැවසීය. වීසා නිදහස් කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් පසු ද්වීපාර්ශ්වික ආර්ථික, වෙළඳ, සංචාරක, සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍රවල හුවමාරු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට Ilia Darchiashvili මහතා අපේක්ෂා පළ කළේය.

එම ගිවිසුමට අනුව ‍ජෝජියා හෝ චීන සාමාන්‍ය ගමන් බලපත්‍රය සහිත පුද්ගලයන් ගිවිසුමට එක් වන අනිත් රටට ඇතුල්වීම, පිටවීම හෝ සංක්‍රමණය කිරීමේදී එක්වරක් රැඳී සිටින කාලය දින 30ක් ඉක්මවා නොයාම, දින 180ක් තුළ රැඳි සිටින කාලය දින 90ක් ඉක්මවා ‍නොයාම ඇතුළු තත්ත්වයන් යටතේ වීසා නිදහස ලිහිල් වනු ඇත.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ දෙරටේ නෛතික ක්‍රියා පටිපාටි සපුරාලීමෙන් පසු ගිවිසුම ක්‍රියාත්මක වන අතර නිසි කලට එය ප්‍රකාශයට පත්කරන බවයි. එය ද්විපාර්ශ්වික මානව හුවමාරුව තවදුරටත් පහසු කරවන අතර විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ද සහාය වනු ඇතැයි ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම