චීනයේ 5G ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 850 ඉක්මවයි
2024-04-11 14:13:44
Share with:

චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයට අනුව, මෙම වසරේ පෙබරවාරි මාසය අවසන් වන විට, චීනයේ 5G ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 851ක් දක්වා ළඟා වී ඇති අතර, එය 4G භාවිතා කරන්නන් සමග සසඳන විට මිලියන 90කට වඩා වැඩි ය.

පෙබරවාරි අවසන් වන විට, චීනයේ 5G පදනම් මධ්‍යස්ථාන සංඛ්‍යාව මිලියන 3.5ක් පමණ දක්වා ළඟා වූ අතර, එය මුළු ජංගම දුරකථන මධ්‍යස්ථානවලින් 30%කට ආසන්න ප්‍රමාණයකි.

චීනයේ ජංගම අන්තර්ජාල කටයුතුවල සමුච්චිත ධාරිතාව GB බිලියන 48.8ක් පමණ වූ අතර, එය පසුගිය කාලසීමාවට සාපේක්ෂව 16.6% වැඩි වීමකි. ඉන් 5G පරිශීලක ප්‍රවේශ ධාරිතාව වාර්ෂිකව 59.8% කින් වැඩි වී ඇත.

චීනය පුරා 5G අතථ්‍ය පුද්ගලික ජාල සංඛ්‍යාව 33,000 ඉක්මවා ඇති අතර, මෙය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩිය. චීනයේ කර්මාන්ත සඳහා 5G යෙදුම් සැපයුම ද අඛණ්ඩව වැඩි වී ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම