දේශසීමා ගැටළු විසඳීම සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව අතර සමීප සන්නිවේදනයක්
2024-04-11 16:51:47
Share with:

දේශසීමා ගැටළු විසඳීම සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව සමීප සන්නිවේදනයක් පවත්වයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.   

හිතකර සහ ස්ථාවර චීන-ඉන්දියානු සබඳතා දෙපාර්ශ්වයේම පොදු අවශ්‍යතා සඳහා වන අතර කලාපයේ සහ ලෝක සාමයට සහ සංවර්ධනයට හිතකර බව Mao Ning මහත්මිය පැවසුවාය. දේශසීමා මායිම් ගැටළු චීන-ඉන්දියා සබඳතාවල සියල්ල නොවන අතර එය චීන-ඉන්දියා සබඳතාවල සුදුසු ස්ථානයක තබා නිසි ලෙස කළමනාකරණය කළ යුතුය. මේ වන විට චීනය සහ ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික හා හමුදාමය මාර්ග ඔස්සේ දේශසීමා තත්ත්වය සම්බන්ධ ගැටළු විසඳීම සම්බන්ධයෙන් සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යන අතර ධනාත්මක ප්‍රගතියක් ලබා ඇත. චීනය සහ ඉන්දියාව ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් ග්‍රහණය කර ගනිමින් සංවාද සහ සහයෝගීතා පවත්වනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම