අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා
2024-04-10 14:45:19
Share with:

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා මේ වනවිට ආරම්භ කර ඇතැයි ප්‍රවාහන බලධාරීන් පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවන මේ සතියේදී කොළඹ සහ තදාසන්න නගරවල රැකියාවල නියුතු බොහෝ පිරිස් ගම්බිම් බලා යාමට සූදානමින් සිටිති.

ඔවුන් වෙනුවෙන් මෙවරත් විශේෂ දුරගමන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මකය.

ලංකා ගමනාගමන මණ්ඩලය උත්සව සමය වෙනුවෙන් බස් රථ 1,400ක් ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ දුම්රිය 12ක් ධාවනය කිරීමටය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම