ඊශ්‍රායලය වෙත යැවෙන භාණ්ඩ 54කට අපනයන සීමා පැනවීමට තුර්කියෙන් තීරණයක්
2024-04-10 11:05:26
Share with:

ඊශ්‍රායලය වෙත අපනයනය කරන ඇතැම් ඇලුමිනියම් ලෝහ, වානේ නිෂ්පාදන, සිමෙන්ති, විදුලි රැහැන්, ඉංජිනේරු යන්ත්‍රෝපකරණ, ඉදිකිරීම් ද්‍රව්‍ය සහ පොහොර ඇතුළු භාණ්ඩ 54කට අපනයන සීමා පනවන බවට සඳහන් කරමින් තුර්කි වෙළඳ අමාත්‍යංශය ඊයේ(9) ප්‍රකාශයක් නිකුත් කළේය. ගාසා තීරයේ සටන් විරාමයක් අරඹන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කළ පසු එම සීමා නතර කරනු ඇතැයි ද එම ප්‍රකාශයේ සඳහන් විය.

කුසගින්න හා දිළිඳුකමෙන් පීඩා විඳිමින් සිටින ගාසා තීරයේ වැසියන්ට මූලික ආහාර සහ වෛද්‍ය සහනාධාර ලබා දීමට අඛණ්ඩව බාධා එල්ල වෙමින් පවතී. එමෙන්ම සටන් විරාමය හා මානව හිතවාදී සහය සැපයීම පිළිබඳ ජගත් ප්‍රජාව බොහෝ අවස්ථාවල කළ ඉල්ලීම් නොතකා ඊශ්‍රායලය අඛණ්ඩව ජාත්‍යන්තර නීතියට පටහැනිව ක්‍රියා කරයි. ඒ හේතුවෙන් 9 වනදා සිට ඊශ්‍රායලය වෙත එම භාණ්ඩ අපනයනය සීමා කිරීම ආරම්භ කළ බව තුර්කිය නිවේදනය කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම